පොලිස් සිරමැදිරිවලටත් CCTV කැමරා: ඇමතිගෙන් පොලිස්පතිට නියෝග

පොලිස් සිරමැදිරිවලටත් CCTV කැමරා: ඇමතිගෙන් පොලිස්පතිට නියෝග

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ඇති සිර මැදිරි ආවරණයවන පරිදි CCTV කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර ඇත.

මෙසේ CCTV කැමරා පොලිස් සිර මැදිරිවලට සවී කිරීමට තීරණය කර ඇත්තේ පොලිස් සිර මැදිරි තුළ සැකකරුවන් විවිධ ආකාරයෙන් මිය යෑම සම්බන්ධව දිගින් දිගටම වාර්තා වීමත් ඒ හරහා පොලිසියට චෝදනා එල්ලවීමත් හේතුවෙනි.

එම චෝදනා සම්බන්ධයෙන් පොලිසියේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

පුස්සැල්ලාව සිර මැදිරියක සිට සැකකරුවෙකු මිය යාම සම්බන්ධව ද පොලිසියට චෝදනා එල්ල වෙමින් පවතින අතර පොලිසිය තුළ සිදුවන කටයුතු CCTV කැමරා සවි කිරීම තුළින් ඒ අාකාරයෙන්ම අපක්ෂ පාතීව සියලු දෙනාටම දැනගැනීමට හැකිවීම සිදුවනු ඇති බවට අපේක්ෂා කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment