කෝටි 4ක කොළඹ රන් කොල්ලය

කෝටි 4ක කොළඹ රන් කොල්ලය

කොළඹ ආදුරුප්පු වීදියේ රන්භාණ්ඩ නිෂ්පාදනාගාරයකට කඩාවැදුණු සිව්දෙනකු එහි හිමිකරුගේ දෑතට මාංචු දමා තර්ජනය කර ‍රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා ස්වර්ණාභරණ තොගයක් කොල්ලකා තිබේ.

පෙරේදා (17) සවස මම මංකොල්ලය සිදුව ඇති අතර මෙම කොල්ල කණ්ඩායම රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයට ඇතුළුවී ඇත්තේ තමන් වංචා විමර්ශන අංශයෙන් යැයි පවසමිනි.

ඊට අදාළ හැඳුණුම්පත් පවා පෙන්වා ඇති ඔවුන් අදාළ රන් නිෂ්පාදන ආයතනයේ ලිපි ලේඛන පරීක්ෂා කළ යුතු බව පවසා තිබේ.

ඔවුනට අවනතවූ එම රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයේ හිමිකරු සිය ආයතනයේ ලිපි ලේඛන පෙන්වීමට උත්සාහ දැරූ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පවසමින් කොල්ලකරුවන් විසින් ආයතන හිමිකරුගේ දෑත්වලට මාංචු දමා ඇත.

ඉන්පසු කොල්ලකරුවන් විසින් එම ආයතනයේ නිෂ්පාදනය කර ස්වර්ණාභරණ වෙළඳසල්වලට බෙදාහැරීමට සූදානම් කර තිබූ රණ්භාණ්ඩ තොගයක් පැහැරගෙන පලා ගොස් ඇති අතර  එම භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 4කට ආසන්න බව පැවසේ.

ආයතනයේ සේවය කර ඇත්තේ ඉන්දියානු ජාතිකයන්වෙන අතර ඔවුන් සතුව තිබූ ලක්ෂ එකහමාරක මුදලක් සහ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව සඳහන් වේ.

පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරුවන් පිළිබඳ‍ තොරුතුරු රැසක් මේ වන විට ලැබී ඇතැයි පොලීසිය පවසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment