ඇතාමළ ඇල්ල විනාශවීමේ තර්ජනයක (PHOTOS)

ඇතාමළ ඇල්ල විනාශවීමේ තර්ජනයක (PHOTOS)

මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ඇතාමළ ඇල්ල නිල්වලා ගඟ සතු එකම දිය ඇල්ලයි.

නිල්වලා ගඟෙහි ජලයත් සමඟ මීටර 52ක් පහලට ඇද හැලෙන මෙම ඇල්ලට නම ලැබී ඇත්තේ ජල පහරට ගසා ගෙන ගොස් ඇතෙකු මෙම ඇල්ලේදී මැරුණු බවට ජනප්‍රවාදයක් ඇති බැවිනි.

නමුන් වසර මිලියන ගනනාවක් තිස්සේ ඇද හැලුණු මෙම දිය ඇල්ල සිදීයාමේ තර්ජනයකට මේ වනවිට මුහුණදෙමින් සිටී.

ඒ, එම ඇල්ලෙන් ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට මේවනවිට කටයුතු කරමින් පවතින නිසාවෙනි.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය පවසන්නේ මධ්‍යම පරිසර අධිකාරියේද අවසරය මත ඇතාමළ ඇල්ල හරහා ඉදිකෙරන පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදිකිරිම් ඉතාමත්ම වේගයෙන් සිදුවෙන බවයි.

ඇල්ල අවට ශ්‍රී ලංකාවට ආ‍වේණික මත්ස්‍යයින් ගණනාවක් ජීවත් වෙන බවත් දිය ඇල්ල විනාශවීමත් සමග එම මත්ස්‍යයින්ගේ විනාශය සිදුවෙනු ඇති බවත් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය සඳහන් කර සිටී.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ මේ පිළිබඳ සියලු බලධාරීන්ගෙන් අවධානය යොමුවී සිදුවන විනාශය සියළුම බලය යොදා වහාම නවත්වා ඇතාමල ඇල්ල ඇතුළුව සියළුම දියඇලි වලට ජීවිය ලබා දීමට කටයුතු කරන ලෙසයි.

ඡායාරූප පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment