ටොරන්ට් ඔස්සේ නිල් චිත‍්‍රපට ලොවට බෙදූ ‘QVOD’ හිමිකරු චීනා හිරේ

අන්තර්ජාලයේ ටොරන්ට් හා සම්බන්ධ තාක්ෂණය ඔස්සේ නීතිවිරෝධී ලෙස දත්ත බෙදාහැරීමේ පිරිස් අත්අඩංගුවට ගැනීමේ ප‍්‍රවණතාවය මේ වනවිට චීනයටත් ව්‍යාප්තවී තිබේ.

2007 වසරෙහි සිට චීනයේ ජනප‍්‍රියව පැවති QVOD නමැති


මෘදුකාංග ප්ලේයරයක් මගින් සිදු කර තිබුනේ ටොරන්ට් ඔස්සේ විකාශය කරන නිල් චිත‍්‍රපට දර්ශනය කිරීමට සැලැස්වීමයි.
නිල් චිත‍්‍රපට මගින් මුදල් ඉපැයීම චීනයේ තහනම් වන අතර මේ නිසා එහි හිමිකරු වන වැන්ග් ෂිං නමැත්තා පසුගියදා අත්අඩංගුවට පත්වුණා. සර්වර් තුනක් ඔස්සේ නීති විරෝධී ලෙස නිල් චිත‍්‍රපට බෙදාහැරීමේ නිරතවීම හා එමගින් මුදල් ඉපැයීම ඔහුට එරෙහිව පැවති චෝදනාය. මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාරයේ සිටී. 2013 වසරේදී පමණක් එම සමාගම යුවාන් මිලියන 140 ක් මේ ඔස්සේ ආදායම් ලබා ඇති බවටද ගිණුම් වාර්තා අධිකරණයට ඉදිරිපත්ව ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment