ශ්රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ අලියාට අත දීම නොව හෙණ්ඩුව අතට ගැනීම බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ප්රකාශ කරයි.
මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ පසුගියදා (19) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ," ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සරය සහ එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය අතර තියෙන වෙනස, මේක සාමාජීය විදියට ගත්තොත් අහසයි - පොළවයි අතර වගේ පරතරයක්. දේශපාලනිකව ගත්තොත් මේක මැන්ඩෙලා සහ හිට්ලර් අතර වගේ පරතරයක් තිබුණා. ඒක නිසා කරුණාකරලා අලියට අත දෙන්න යන්න එපා. අතට හෙණ්ඩුව ගන්න" ලෙසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා ප්රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරයට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන මෛත්රීපාල සිරිසේන මහතා සහභාගීවීමත් එහිදී කරනු ලැබූ කතාවත් දැඩිසේ ප්රතික්ෂේප කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවයි.
වීඩියෝව පහතින්.
අනේ සක්කිලියා. දන්න පුකක් නෑ. බෙල්ල කොටා.
ReplyDelete