අද (06) අලුයම රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ගබඩාවක ඇතිවූ ගින්න පැය 11ක් පමණ මෙහෙයුමකින් පසු නිවා දැමීමට ගිනි නිවීමේ ඒකකය සමත්වී තිබේ.
එම ගින්න හටගත් පෞද්ගලික බෙහෙත් ගබඩාවේ තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ගින්න නිවා දැමීම අසීරු වූ බව ගිනි නිවීමේ ඒකකයෙහි ප්‍රකාශකයෙකු පැවසීය.
ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර අහිමි වූ දේපල හානි පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැත.
කොළඹ, දෙහිවල, මොරටුව හා පානදුරේ සිට ගිනි නිවන රථ 11ක් ගින්න මැඩ පැවැත්වීමට කැඳවා තිබේ.
ඡායාරූප පහතින්.
0 comments :
Post a Comment