නිවසකට මැර ප්‍රහාරයක් - අයෙක් මරුට

නිවසකට මැර ප්‍රහාරයක් - අයෙක් මරුට

අද (06) උදෑසන හොරණ, මොරගහහේන ප්‍රදේශයේ නිවසකට කඩාවැදුනු මැර පිරිසක්  එම නිවසෙහි හිමිකරුට සහ පුතුන් දෙදෙනාට තියුණු අවි ආයුධ වලින් පහරදී දරුණු තුවාල සිදුකර තිබේ.

ඉන් බරපතල තුවාල ලැබූ එක් අයෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ බොරුකැටිය මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හොරණ පොලීසිය විසින් සිදුකරයි.

ඡායාරූප පහතින්.

DSC02259[1]

DSC02263[1]

DSC02274[1]

vlcsnap-2016-10-06-08h43m25s249[1]

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment