මහරගම කොට්ටාව ඇතුළු ප්‍රදේශ 13 කට පැය 16ක ජල කප්පාදුවක්



මහරගම ඇතුලු ප්‍රදේශ 13 කට අද උදෑසන සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, ගොඩගම, මීපේ, පාදුක්ක, හංවැල්ල සහ කළුඅග්ගල යන ප්‍රදේශවලට උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ ය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment