මහ බැංකුවේ ආරක්‍ෂාව ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනාගේ සමාගමකට

මහ බැංකුවේ ආරක්‍ෂාව ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනාගේ සමාගමකට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්‍ෂක සේවය සඳහා රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනා කෙනකුගේ සමාගමක්‌ අයෑදුම්පත් යොමු කර ඇත.

පසුගිය රජය සමයේදී මෙම බෑනා සම්බන්ධව නිතර මාධ්‍යයේ පළවුණු අතර ඔහුට විරුද්ධව නඩු කිහිපයක්‌ ද විභාගයට ගැනිණි.

අදාළ අයෑදුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කොට ඇති මෙම බෑනා එම ඇමැතිවරයා හරහා මහ බැංකු අධිපතිවරයා වෙත අමාත්‍යාංශ ශීර්ෂය යටතේ ලිපියක්‌ ද යොමු කොට ඇත.

ඒ අනුව අසවල් ඇමැතිවරයාගේ බෑනා වන මොහුගේ සමාගමට මහ බැංකුවේ ආරක්‍ෂක කටයුතු පවරන ලෙසට ඉහත ලිපියෙන් ප්‍රබල ඇමැතිවරයා නිර්දේශ කර ඇතැයි ද වාර්තා වේ.

(දිවයින)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment