කාළගුණයේ ලොකු වෙනසක්: අද සිට මහ වැසි

කාළගුණයේ ලොකු වෙනසක්: අද සිට මහ වැසි

අද(30) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් සහ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බව ය.

මීට අමතරව වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇති විය හැකි ය.

වැසි පවතින අවස්ථාවල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment