පොලිස් ලොක්කන් 15කට එරෙහිව විමර්ශන

පොලිස් ලොක්කන් 15කට එරෙහිව විමර්ශන

විශ්‍රාමික ‍පොලිස්පතිවරු දෙදෙනෙක් ඇතුළු විශ්‍රාමික සහ දැනට සේවයේ නිරත ‍පොලීසියේ ඉහළ නිලධාරීන් 15 දෙනෙකුට එරෙහිව පුළුල් විමර්ශන පැවැත්වෙන බව ‍පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

අපරාධ වසන් කිරීම, අපරාධ සඳහා ආධාර අනුබලදීම, රජයේ දේ‍පොළ අනිසි ලෙස පරිහරණය කිරීම ආදී චෝදනා එම නිලධාරීන්ට එල්ලවෙමින් ඇතැයි ‍එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

විශ්‍රාමික ‍පොලිස්පතිවරු දෙදෙනාට අමතරව විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරු දෙදෙනෙක් විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පතිවරු තිදෙනෙක්, විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු තිදෙනෙකු සහ දැනට සේවයේ නිරත ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු නියෝජ්‍ය ‍පොලිස්පතිවරු දෙදෙනෙකු, සහ ‍පොලිස් අධිකාරී ශ්‍රේණියේ නිලධාරීන් දෙදෙනකු සිටින බව ‍වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment