2017 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ලබන 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ අතර 'අයවැය කතාව' හෙවත් අයවැය දෙවන වර කියවීම ලබන නොවැම්බර් මස 10 වැනිදා සිදුකිරීමට නියමිතය.
ඉන්පසු අයවැය විවාදය දෙසැම්බර් 10 වැනිදා දක්වා සිදුකෙරුණු ඇත.
මෙම තීරණයට එළඹ ඇත්තේ පක්ෂ නායක රැස්වීමකින් අනතුරුවය.
රාජ්‍ය අය - වැය ලේඛනයට අදාළ විසර්ජන පනත් කෙටුම්පතට පසුගිය 04 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි.
ඒ අනුව අය - වැය දෙවැනි වර සහ තෙවැනි වර කියවා අයවැය ලේඛනය සම්මත කර ගැනීම සිදුවන අතර අයවැයක් සම්මත වූ පසු එය රටේ නීතියක් බවට පත් වේ.
0 comments :
Post a Comment