අධිකරණ අමාත්‍යංශය හා කොළඹ නීති පිඨය අවබෝධතා ගිවිසුමක

අධිකරණ අමාත්‍යංශය හා කොළඹ නීති පිඨය අවබෝධතා ගිවිසුමක

අද (06) යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේදී ජනතාවට බලපානු ලබන තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට අධිකරණ අමාත්‍යංශය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතාද එම විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ නීති ක්ෂේත්‍රයේ පැවැති නීති පර්යේෂණවල අඩුපාඩු හේතුවෙන් නීති සම්පාදනයෙහිලා අවශ්‍ය තොරතුරු ලබාගැනීම ප්‍රමාණවත් නොවීම රටේ නීති ක්ෂේත්‍රයේ ප්‍රගමනයට යම් ගැටළුදායක තත්වයක් මතු විය හැකි බැවින්, ප්‍රජාවට බලපානු ලබන නීති ගැටළු හදුනාගෙන යුක්තිය පසිදලීමේ කාර්යෙහිලා වඩාත් වැදගත් වන නීති තොරතුරු ක්ෂේත්‍රයන් හදුනාගෙන නීති පර්යේෂණ කටයුතු දියුණු කිරීම සදහා අධිකරණ අමාත්‍යංශය මූලිකත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය සමග ඒකාබද්ධව නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදි අවධාරණය කළේය.

මෙහිදි අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතා නීති පර්යේෂණ සම්බන්ධව අධිකරණ අමාත්‍යංශය සමග ඒකාබද්ධව පර්යේෂණ ඒකකයක් පිහිටුවීම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කරන ඉතා වැදගත් ඵෙතිහාසික කටයුත්තක් බව පැවසූවේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය හා අධිකරණ අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම නීති පර්යේෂණ ඒකකය සදහා අධිකරණ අමාත්‍යංශය රුපියල් මිලියන 75ක මුදලක් වෙන් කර ඇති අතර ප්‍රජාවේ දායකත්වය ලබා ගනිමින් මෙම නීති පර්යේෂණ ඒකකය දියුණු කිරීම සදහා ඉදිරියේදි තවත් පියවර රාශියක් ගැනෙන බව අධිකරණ අමාත්‍යංශය අවධාරණය කර සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment