දුම්වැටි මිල වැඩි කිරීමෙන් 4% - 5%ක සංඛ්‍යාවක් දුම්පානයෙන් මිදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) මහජන සෞඛ්‍ය කේෂ්ත්‍ර පුහුණුව සදහා 314 දෙනෙකු හට පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනූව මේවනවිට දුම්කොළ භාවිතය අවම කිරීම සදහා රජය නිර්නායක 3ක් භාවිත කර ඇති බවයි.
ඉදිරියේදී රූපරාමු නොමැති හිස් සිගරට් පැකට්ටුව හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.
තවද වර්තමාන රජය මධ්‍යසාර අලෙවි කිරීමේ බලපත්‍ර කිසිවෙකුටත් ලබා දී නොමැති බව ද අමාත්‍යවරයා කියාසිටියේ ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
0 comments :
Post a Comment