දකුණු කොරියාවේ දරුණු ගංවතුර නිසා ලක්ෂ ගණන් අවතැන් - ජීවිත හානි 6 ක්


මේ දිනවල දකුණු කොරියාව වෙත බලපා ඇති අයහපත් කාලගුණ තත්වය නිසා බ්‍රහස්පතින්දා සවස වනවිට ලක්ෂ දෙකහමාරකට ආසන්න පිරිසක් අවතැන්ව ජීවිත හානි 6 ක් සිදුව ඇතැයි වාර්තාවේ.පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇත.

චාබා නමින් නම් කර තිබෙන මෙම චණ්ඩ මාරුතය කොරියාවේ දකුනු දිග බූසාන් සහ උල්සාන් යන නගරවලට දැඩි හානි සිදුකර ඇති අතර, ජේජු දූපත් නගරයටද බලපෑම් එල්ල කර ඇත.
මෙම ප්‍රදේශ ආශ්‍රිතව පාසල්, කර්මාන්තශාලා මෙන්ම දකුණු කොරියාවේ ප්‍රධාන වරායේද වැඩකටයුතු ඇණහිට ඇත. ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිට තිබේ.


ගුවන්ගමන් සේවාවන්ද නවතා දමා ඇත. මිය ගිය අය අතර භූගත රථවාහන නැවතුම් අංගනයක සිටි කාන්තාවක් හා උල්සාන් හි මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි ගිනිනිවන භටයෙකුද සිටී.
සමාජ මාධ්‍යවල ගංවතුරේ ඡායාරූප හුවමාරුවන අතර කාර් රථ පාවී යන ආකාරයත් ඇතැම් නිවාස වල ශීතකරණ ඇතුළු උපකරණ මඩේ පාවෙමින් පවතින ආකාරයක් දර්ශනය වේ.
මෙම ගංවතුර තත්වය බලපෑ ප්‍රදේශවල ශ්‍රීලාංකිකයින් රැසක්ද වාසය කරන අතර ඔවුන්ට සිදුවූ අපහසුතා ගැන තවම වාර්තාවී නැත.












Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment