මන්නාරමේ ස්වභාවික වායු කැණීමට සමාගමක් සූදානම්

මන්නාරමේ ස්වභාවික වායු කැණීමට සමාගමක් සූදානම්

මන්නාරම ද්‍රෝණියේ ස්වභාවික වායු කැණීම් කටයුතු ලබන වසරේ මුල් භාගයේදී අරඹන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ස්වභාවික වායු සොයාගැනීමේ කටයුතු සඳහා ආයෝජකයෙකු වශයෙන් අයි.එච්.එස් සමාගම තෝරා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇතැයි එම අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ලෝකය පුරා පිළිගත් සේවා ජාලයක් ශ්‍රී ලංකාව පිළිබදව දැනුම් සම්භාරයක් පදනම් කරගෙන මෙම කැණීම් කටයුතු සිදුකෙරේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රණයට ස්වභාවික වායු සහ ඒ ආශ්‍රිත ද්‍රව ඇතුළත් කර ගැනීමට ද මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment