'සුපිරි ඇමැතිට' සබරගමුවත් - දකුණත් විරුද්ධ වෙයි

'සුපිරි ඇමැතිට' සබරගමුවත් - දකුණත් විරුද්ධ වෙයි

රජයේ සංවර්ධන විශේෂ විධිවිධාන පිළිබද පනත් කෙටුම්පත අද (27) පැවති දකුණු පළාත් සභා රැස්විමේ දී වැඩි ඡන්ද 19කින් පරාජයට පත්විය. 

මෙම පනතට පක්ෂව එජාප මන්ත්‍රිවරු 14 දෙනා ඡන්දය ලබා දුන් අතර විරුද්ධව ඡන්ද 33කින් ලැබී තිබේ. ප්‍රධාන ඇමති ෂාන් විජේලාල්ද සිල්වා මහතා හා පළාත් ඇමතිවරු සමග සන්ධානයේ මන්ත්‍රිවරු හා ජ.වි.පෙ මන්ත්‍රිවරු මෙම පනතට විරුද්ධව ඡන්දය ලබා දුන්හ.

මේ අතර සබරගමුව පළාත් සභාවේද මේ සම්බන්ධයෙන් අද පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 7 කින් පරාජයට පත්විය. 

ආණ්ඩු පක්‍ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 20ක් විරුද්ධව ද විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 13ක් පක්ෂවද ඡන්දය ප‍්‍රකාශ කළහ. 

පසුගියදා මෙම පනත සම්බන්ධයෙන් ඌව, උතුරු මැද පැවැති ඡන්ද විමසීම ද පරාජයට පත්විය.

මෙකි පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරිම සම්බන්දයෙන් දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්කොන් නිලමේ හා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය. මෙකී පනත් කෙටුම්පත අද ඉදිරිපත් නොකරන ලෙසත් පසුව සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂනායක තෙන්නකොන් නිලමේ මහතා විසින් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. 

ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දැඩි විරෝධය පළකරනු ලැබිය. ඒ අනුව මෙකී පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුලත්ව තිබෙන නිසා ඡන්ද විමසිමක් සිදුකරන බව සභාපති කේ.ඒ.සෝමවංශ මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙකී පනත් කෙටුම්පතට සභාවේ මන්ත්‍රිවරුන්ගේ මතය විමසනු ලැබිය. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙකී පනත් කෙටුම්පත දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා වෙත යොමු කොට තිබුණි. ආණ්ඩුකාරවරයා විසින් මෙකී පනත් කෙටුම්පත පිළිබද පළාත් සභාවේ මහජන මතය විමසිම සදහා පළාත් සභාවට ඉදිරිපත් කරණු ලැබිය. ඒ අනුව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා මහතා විසින් සංවර්ධන විශේෂ විධිවිධාන පිළිබද පනත් කොටුම්පත මන්ත්‍රිවරුන්ගේ මතය විමසීම සදහා සභාවට ඉදිරිපත් කරණු ලැබිය.

මෙම පනත පිළිබද දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතා විසින්  මුලික විරෝධතාවයක් පළකරනු ලැබීය. මෙකි පනත මගින් සංවර්ධන මණ්ඩල පත්කරණ බවට යෝජනා කර ඇති බවත් උතුරු පළාතට මෙම පනත තුලින් විශේෂ දායකත්වයක් ලබා දී ඇති බවත් උප සභාපතිවරයා පැවසුවේය.

 

 

ගාල්ල - ලලිත් චාමින්ද 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment