උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් පිවිතුරු හෙළ උරුම සාමාජිකයින් ඊයේ (05) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක නිරතවිය.
එම විරෝධතාවයට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිස විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ද ලිපියක් මගින් කරුණු දන්වා සිටියේය.
මෙම විරෝධතාවය සඳහා පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයින් රැසක් එක්ව සිටියේය.
0 comments :
Post a Comment