ඊයේ නිකුත් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව කුලියාපිටිය - ඇස්වැද්දුම සුභාරතී විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර දැරිය සිංහල මාධ්‍යයෙන් දිවයිනේ පළමු තැනට පැමිණීමට සමත් වී ඇත.
ඇය ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව වන්නේ 195කි.
එමෙන්ම දමිළ මාධ්‍යයෙන් දිවයිනේ පළමු ස්ථානය වව්නියාව - රන්බේකුලම් මහා විද්‍යාලයේ ගෝකුලදාසන් අභිෂිකන් සිසුවා විසින් හිමි කරගෙන තිබේ.
ඒ ලකුණු 195ක් ලබා ගනිමිනි.
පසුගිය අගෝස්තු 21 වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 3,50,740 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශිෂ්‍යත්ව විභාගයට අදාළ කඩයිම් ලකුණු ලැයිස්තුව ද මේවන විට නිකුත් කර අවසන්.
0 comments :
Post a Comment