වැට්බදු පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කොට තිබේ.
වැට්බදු පනත් කෙටුම්පතේ 4,13,17 සහ 18 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4, සහ 12 (1), 12(2), 14(1) (2) වගන්තිවලට පටහැනි බව දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (05) මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
එය මෙම වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පළමු පෙත්සම වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ (විශේෂ තීරණ 36/2016 ) යටතේ එය ගොනු කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මෙම පෙත්සම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දෙන තෙක් වැට් බදු පනත් කෙටුම්පත විවාදයට නොගැනීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
0 comments :
Post a Comment