අපනයන ආර්ථිකයේ කඩාවැටීම හමුවේ වතුකම්කරුවන්ගේ ඉල්ලීම ඉටුකිරීම අපහසු බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(05) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
පවත්නා කාලගුණික තත්ත්වය හමුවේ අපනයන ආර්ථිකයට බලපෑම් වී ඇති බැවින් කම්කරුවන්ගේ ඉල්ලීම ඉටුකිරීම වතු හිමියන්ට අපහසු වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විවිධ දූෂණ අක්‍රමිකතා ගැන දැනට සිදුකරන පරීක්ෂණ ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා සඳහන් කළේ මහපරිමාණ දූෂණ වංචාවලට වඩා පරීක්ෂණ සිදුවන්නේ කුඩා කුඩා ඒවා ගැන බවයි.
ඒවායේ පරීක්ෂණ කටයුතු ගැන සොයාබලද්දී තවමත් පරීක්ෂණ සිදුවන බවට ප්‍රතිචාර ලැබෙන බවද මහපරිමාණ වංචා සෙවීම නමින් පිහිටුවා ඇති ආයතනවලින් කියන තරමේ මහාපරිමාණ දූෂණ අක්‍රමිකතා ගැන සෙවීමක් නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
0 comments :
Post a Comment