ගුවන් ගමන් පාලකවරු යළිත් අකුරට වැඩ - ගුවන් ගමන් ප්‍රමාද වෙන ලකුණු

ගුවන් ගමන් පාලකවරු යළිත් අකුරට වැඩ - ගුවන් ගමන් ප්‍රමාද වෙන ලකුණු

ගුවන් ගමන් පාලකවරුන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයා හා පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් ගුවන් ගමන් පාලකවරුන් නැවතත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය යළිත් ආරම්භ කළ බව එම සංගමය පවසයි. 

ඒ අනුව අද (05) පස්වරු 4.45ට පමණ යළිත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

ඔවුන් මෙසේ අකුරට වැඩ කිරීම හේතුවෙන් ගුවන් ගමන් විනාඩි කිහිපයකින් පමණ ප්‍රමාද වෙන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

ටී.කේ.ජී.කපිල

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment