අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර

අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර

අධ්‍යාපන අමාත්‍යංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ තෝරාෙගත් පාසල් 25ක 'සුහුරු' හෙවත් ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කිරීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමඟ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. 

එමෙන්ම පාසල් විෂය පද්ධතිය පරිඝනකගත කරමින් සුහුරු පන්ති කාමර ආරම්භ කරන බවට එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

පාසල් පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කිරීමේ විශාලතම ගැටළුව වී ඇත්තේ විෂය පද්ධති පරිඝනක මෘදුකාංගවලින් නිපදවා නොතිබීමයි.

එම හේතුව නිසා කඩිනමින් එය ඉටු කිරීමට කටයුතු කරන බවට ද එම නිවේදනයෙහි දැක්වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment