පාසලට අනවසරයෙන් ඇතුළු වූ පියෙක් සිසුවෙකුට පහරදෙයි

පාසලට අනවසරයෙන් ඇතුළු වූ පියෙක් සිසුවෙකුට පහරදෙයි

පාසලකට අනවසරයෙන් ඇතුළු වී පාසල් දරුවෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා කොස්වත්ත පොලීසිය මේ වනවිට විමර්ශණ ආරම්භ කර තිබේ.

ඊයේ (30) දහවල් නාත්තන්ඩිය - කොට්ටරාමුල්ල අල්හිරා මුස්ලිම් මහා විද්‍යාලයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

පහරකෑමට ලක් වූ එම විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අදාළ විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පාසල තුළදී ගැටුමක් ඇතිකර ගෙන ඇති බව පොලීසිය විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ගැටුමට සම්බන්ධ එක් සිසුවෙකුගේ සහෝදරියක්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඇය ගුරුවරියකගේ ජංගම දුරකතනයකින් ඒ පිළිබදව සිය පියාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඊට උරණ වූ පියා පාසලට පැමිණ තම පුත්‍රයා සමග ගැටුම් ඇතිකර ගත් අනෙක් සිසුවාට පහරදී තිබේ.

එමෙන්ම විදුහල්පතිවරයාට හෝ ආචාර්ය මණ්ඩලය නොදන්වා ඔහු තම දරුවාව පාසලෙන් රැගෙන ගොස් ඇති බවට ද විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොස්වත්ත පොලීසිය විසින් සිදුකරයි.

පුත්තලම - ජුඩ් සමන්ත

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment