රැකියා සඳහා විදෙස්ගත වන අයට ඉංග්‍රීසි අනිවාර්ය කරයි

රැකියා සඳහා විදෙස්ගත වන අයට ඉංග්‍රීසි අනිවාර්ය කරයි

2018 වසරේ සිට රැකියා සඳහා විදේශ ගතවන සියලුම පුද්ගලයන් සදහා ඉංගී‍්‍රසි දැනීම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ මේ වනවිටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශගත වන පුද්ගලයන් සදහා ඉංගී‍්‍රසි පාඨමාලා ආරම්භ කර ඇති බවයි.

මෙම වසරේ පළමු මාස 08 තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 200 ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ද අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment