ඇතැම් පාර්ශව විසින් විනිසුරුවරුන්ගේ දුරකථන වලට සවන්දෙන බවට වන වාර්තා සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැති බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
එලෙස විධිමත් පැමිණිලි ලැබෙන්නේ නම් මේ සම්බන්ධයෙන් විධිමත් හා ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා පොලීසිය සූදානම් බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
පොලීසිය හෝ ඊට සම්බන්ධ ආයතන විසින් විනිසුරුවරුන්ගේ දුරකථන වලට හොර රහසේ සවන්දෙන බවත් විද්‍යුත් තැපැල් ගිණුම් වෙත අනවසරයෙන් පිවිසී ඇති බවටත් චෝදනා එල්ලවිය.
මේ අතර රජයේ ප්‍රතිපත්තිය වන්නේ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම වන අතර නියමයෙන් හෝ අනියමයෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ විශ්වාසනීයත්වයට හානි සිදු කිරීමට කිසිදු රජයකට අවස්ථාව නොමැති බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
0 comments :
Post a Comment