ගාල්ල, කාරාපිටි රෝහලට යාබදව පිළිකා රෝහලක් ඉදිකිරීමට මහජන අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (06) සිට දින 28ක් පුරාවට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් පැවැත්වෙන අතර එම පා ගමනට එක්වන්නැයි මහේල ජයවර්ධන මහතා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
මෙයට වසර කිහිපයකට ඉහතදී මෙවැනි පාගමනකින් රැස්කළ අරමුදලකින් යාපනය, තිරප්පලේ ප්‍රදේශයේ පිළිකා රෝහලක් ඉදිකළ බව පෙන්වා දුන් මහේල ජයවර්ධන මහතා කියාසිටියේ රුපියල් මිලියන 700ක් වැයවන මෙම ව්‍යාපෘතියට දැනටමත් රුපියල් මිලියන 150ක් එක්රැස්වී ඇති බවයි.
ඉතිරි රුපියල් මිලියන 550ක මුදල මෙම පාගමනින් එක්රැස් කර ගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් කියාසිටියේය.
මහේල ජයවර්ධන මහතාගේ ප්‍රචාරණ දායකත්වයෙන් Trail පුණ්‍යායතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව දියත් කරන මෙ ව්‍යාපෘතියට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ සහය ලැබෙනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කරයි.
0 comments :
Post a Comment