වතුකම්කරු වැඩ වර්ජනය අවසන්

වතුකම්කරු වැඩ වර්ජනය අවසන්

රුපියල් 1,000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා දින 10ක් පුරාවට වතුකම්කරුවන් විසින් දියත් කර තිබූ වැඩ වර්ජනය සහ උද්ඝෝෂණ ව්‍යාපාරය ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍ය එස්. රමේෂ් මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1,000ක වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතර මාස 18ක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ඊයේ රාත්‍රියේදී වතුහාම්පුතුන්ගේ සංගමය වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 730 බැගින් සතියකට දින 06ක් ගෙවීමට එකඟවූ නිසා මෙම වැඩ වර්ජනය අවසන් කළ බව ඔහු මෙහිදී කියාසිටියේය.

ඒ අනුව සියළුම වතුකම්කරුවන් අද (06) දින සිට තම දෛනික රාජකාරීවල සාමාන්‍ය පරිදි නිරතවනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment