නාමල්ගේ නඩුවේ විමර්ශන අවසන් 

නාමල්ගේ නඩුවේ විමර්ශන අවසන් 

2013දී රගර් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා ක්‍රිෂ් සමාගම දුන් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවේ උදෘත නීතිපති වෙත යවා ඇති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.

ඒ අනුව විමර්ශන අවසන් බවත් වෙනත් සැකකරුවන් අත්අඩංගුවට  ගැනීමට නොමැති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති උපදෙස් සඳහා මාර්තු 20 වැනි දා නඩුව යළි කැඳවිමට  නියමිතය.

මේ අතර රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපල හිමිකාරිත්වය ලබාගත් ආකාරය හෙළි නොකිරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට අල්ලස් කොමිසම පවරා ඇති  නඩුවෙහි ලිඛිත දේශන යොමු කරන ලෙස මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පාර්ශවකරුවන්ට අද (31) නියෝග කළේය.

නඩුව ජනවාරි 31 වැනි දා යළි කැඳවිමට නියමිතය.  

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment