හවසට හවසට කෙල්ලට බනිස් දුන් චූන්පාන් මල්ලි කෙල්ල එක්ක පැනගිහින්


14 හැවිරිදි දැරියක් රවටා රැගෙන ගොස් දිනක් රඳවාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 18 හැවිරිදි චූන්පාන් වෙළෙන්දකු මෙම මස 10දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කළුතර

වැඩබලන මහෙස්ත්‍රාත් සිරි පෙරේරා මහතා


පසුගිය 3දා නියෝග කළේය.
බේරුවල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරිය පාසල් යන අතරතුර ඇයට පාන් - බනිස් දී මිතුරු වී දින 14ක ප්‍රේමයකින් පසු ඇය රවටා රැගෙන ගොස් දිනක් පෙම් සුව විඳි බේරුවල ප්‍රදේශයේම සැකකාර තරුණයකු මෙසේ රිමාන්ඩ් භාරයට
පත්වූ අතර අතවරයට පත් දැරිය රෝහල් ගතකර ඇත.
චූන්පාන් නළාවේ හඬට දිනපතා පාරට පැන පාසල් ගිය දැරිය ආපසු නොපැමිණීම නිසා මවුපියන් බේරුවල පොලිසියට පැමිණිලි කර ඇත. මේ අනුව සිදුකළ හදිසි වැටලීමකදී චූන්පාන් අලෙවි කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර
දැරිය සොයාගෙන ඇත.
මේ පිළිබඳව බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දුමින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පවත්වයි.
මතුගම - වසන්ත කුමාර


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment