අම්පාර දිස්ත්‍රික්කයට බලපාන වන අලි තර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව හමු වී මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය දයා ගමගේ මහතා සහභාගී විය.
පසුගිය 01වනදා සහ 02 වනදා යන දිනවලදී අම්පාර දිස්ත්‍රික්කය පුරා සංචාරය කළ අමාත්‍යවරයාට, දැනට ගැටලු ඇති ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ද සහභාගී විය. ඒ අනුව ප්‍රදේශවාසීන් සමග එක්ව අලිමංකඩ හා අලින්ගේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවලට ගොස් අමාත්‍යවරයා මේ පිළිබද කරුණු සොයා බැලුවේය.
අම්පාර වඩිනාගල ප්‍රදේශයට ගිය අමාත්‍යවරයා දැනට ඉදිකර ඇති අලි වැට නිරීක්ෂණය කිරීමෙන් පසු ඉදිරියේ දී ඉදිකිරීමට අපේක්ෂිත අලිවැට සම්බන්ධයෙන් ජනතාව හා වනසංරක්ෂණ නිළධාරීන් සමග සාකච්ඡා කළේය.
තවද අමාත්‍යවරයා හිමිදුරාව හා තෝට්ටම යන ගම්මාන වල ද සංචාරය කරමින් අලි ගැටලුව නිරීක්ෂණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ මහතා කියා සිටියේ, අලි ගම් වැදීමේ ගැටලුවට ඉතා කඩිනම් විසදුම් ලබා දීමට පියවර ගන්නා බවයි. එසේම, මේවන විටත් එලෙස විසදුම් ලබා දී ඇති ප්‍රදේශවල අලි ගම්වැදීම නැවතී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
0 comments :
Post a Comment