ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද හදිසියේ රැස්වෙයි

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද හදිසියේ රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(31) රාත්‍රී 07.00 ට ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිත බව වාර්තාවේ.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභාව සඳහා සියලු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී  ඇති බව ද වාර්තා වේ.

වර්තමාන දේශපාලන තත්ත්වය ඉදිරි අයවැය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment