ජෝන්ට දේශපාලනය උගන්නපු හැටි පවිත්‍රා හෙළිකරයි

ජෝන්ට දේශපාලනය උගන්නපු හැටි පවිත්‍රා හෙළිකරයි

ජෝන් සෙනෙවිරත්නට දේශපාලනය ඉගැන්නුවේ තමාගේ පියා බව  පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය පැවසුවාය. 

ඇය මේ බව පැවසූයේ අද(07) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නමුත් ඔහුට මේ වගේ දේශපාලනය කිරීමට තමාගේ පියා උගන්වා නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළාය.

රත්නපුර හෙට පැවැත්වෙන රැළිය සඳහා සීවලි ක්‍රීඩාංගණය ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා නැතැයිද පළමුව ඉල්ලා ඇත්තේ ලොරි ගාල යැයිද ජෝන් සෙනෙ‍විරත්න ඇමතිවරයා ඊයේ(06) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස ඇය මේ බව කියා සිටියාය.

රත්නපුරේ දේශපාලනය කරන අය ලෙස ලොරිගාල වෙන් කර ගැනීමේදී අසළ ඇති සීවලි ක්‍රීඩාංගණයද ඒ සඳහා යොදාගන්නා බවත් රැළියට විශාල පිරිසක් එතැයි සිතූ නිසා ලොරිගාලේ වාහන නවතා ප්‍රධාන රැළිය සීවලි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නාගරික කොමසාරිස්ගෙන් පසුව අවසර ඉල්ලා සිටි බවත් ඇය පැවසුවාය.

ජෝන් සෙනෙවිරත්න තමන්ට ඊයේ ලේලිය කියූ බවත්, ඔහු තමාගේ මාමා වුවද ඔහුට මේ ආකාරයේ දේශපාලනයක් තම පියා උගන්වා නැතැයිද ඇය කියා සිටියාය.

කෙසේ වුවද සීවලි ක්‍රීඩාංගණය නොදීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවද ඇය පැවසුවාය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment