රට බෙදන වැඩපිළිවෙලක් - මහින්ද

රට බෙදන වැඩපිළිවෙලක් - මහින්ද
වර්තමාන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් තුල රට බෙදන වැඩපිළිවෙලට  කුමන්ත්‍රණය කරමින් සිටින බවත් ඒ සදහා ඉඩදෙන්න පුළුවන් කමක් නැතිබවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (30)සවස සුරියවැව චමල් රාජපක්ෂපුර පැවැති චමල් රාජපක්ෂ මහතාගේ 74 වන ජන්මදිනය නිමිත්තෙන් සංවිධානය කල වැඩසටහනකට එක්වෙමිනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ''අපිට තියෙනවා ලොකු ප්‍රශ්නයක්  මේ ඉස්සරහ ඉන්න කුඩා දරුවෝ මේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීමේ වගකීම දෙමාපියන්ට තියෙනවා. ඒක ඔවුන්ගේ සහෝදරියන්ට තියෙනවා. ඒ නිසා මේ රට රැකගන්න ඉදිරිපත්වෙන්න ඕන එක අපේ වගකීම හා යුතුකමක්. මේ ආණ්ඩුව මෙතෙක් කල් දියත්කරගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක උනොත් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබද ලොකුම තර්ජනය ඇතිවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව පිළිබද මේ ආණ්ඩුව සලකිලිමත්වෙන්න ඕන කියන පණිවිඩය තමයි අපි අද සුරියවැවේ  ඉදලා ඒ අයට දෙන්නේ.''
 
'අද තියෙන භයානකම ප්‍රශ්නය තමයි අපි දුන්න ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නය අද මම අහගෙන හිටියා නාලිකාවක ලියුමක් එවලා තියෙනවා දෙමල පොලිස් නිලධාරීන්හට වහාම පොලිස් සේවයෙන් ඉවත්විය යුතුයි කියලා එක එවලා තියෙන්නේ ප්‍රබාකරන් කියන බලකායක් .මේ ටික අපි කිවුවම හමුදාව අඩු කරලා තියෙනවා. පොලිසිය ශක්තිමත් කරන්නෙයි කිවුවම ඒවා කලේ නැතිව අපේ කාලය තුල විශාල ගණනක් දෙමල ජාතිකයන් පොලිසියට බැන්දගත්තා. දෙමල ජාතිකයින් ඒ අයගේ ලොක්කන්ට එවලා තියෙනවා වහාම මේ ය ඉලා අස්විය යුතුයි කියලා .''
 
මේක පිලිබදව සොයා බලන්නේ නැතිව මේ ලියුම පිටකලේ කියන එක සොයා බලන ත්තවයකට අද පත්වෙලා තියෙනවා ඒ වරද එලි කරපු මිනිහගේ පස්සෙන් එලවනවා මිසක් ඒ එලිකරපු වරද නිවැරදි කරගැනීම සදහාවත් අවශ්‍ය වැඩ පිළිවෙල කරන්නේ නෑ .ජාතික ආරක්ෂාව අපි එක රැකලා දුන්නා . යාපනයට යන්න තියෙන පුළුවන් කම තව කි දවසක් තියේවිද කියලා මම දන්නේ නෑ එක අපිට ප්‍රශ්නයක් රට බෙදන්න ඉඩ දෙන්න බෑ.‘ මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
'අපි ලබා දුන්න නිදහස අපි ලබාදුන්නා සංවර්ධනය තමුන් වහන්සේලා අතට පත්වෙලා මේ රටේ ජනතාව අතරට පත්වෙලා තියෙන වෙලාවක ඒවා එකින් එක විකුණා දැමීමේ තර්ජනයකට අද පත්වෙලා තියෙනවා. අපි දන්නවා හම්බන්තොට වරාය ගැන අපි අද කතාකරනකොට එදා වරායට අපිට බැන්නා චීන්නු ගෙනැල්ල තියෙනවයි කියලා චීන්නුන්ට කියලා හැදෙවුවයි කියලා මුලුරටේම ජනතාව දන්නවා අපි ලැබ ලබපු වරායක් බවට පත්වෙලා ඒ බැනපු උදවිය චීනෙට ගිහිල්ලා එල්ලනවා මේක සල්ලි වලට ගන්නෙයි කියල.''
 
 
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment