පූගොඩ, මල්වානේ පිහිටි ඉඩමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අද(07) අධිකරණයට දැන්වීය.
අධිකරණ නියෝග මත බැසිල් රාජපක්ෂ මහතා ද අද අධිකරණයේ පෙනී සිටියේය.
මෙම ඉඩම විකුණා රජයට මුදල් බැරකරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන 14 වැනිදා ලබා දෙන බව පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා ප්‍රකාශ කළේය.
0 comments :
Post a Comment