ගුවන්ගමන් පාලකවරුන්ගේ අකුරට වැඩ අවසන්

ගුවන්ගමන් පාලකවරුන්ගේ අකුරට වැඩ අවසන්

ගුවන් ගමන් පාලකවරුන් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීමය ක්‍රියාමාර්ගය ඊයේ (04) සවස 6.30ට අවසන් කළ බව එම සංගමය පවසයි.

තම ඉල්ලීම්වලට සතියක් ඇතුළත පිළිතුරු ලබාදීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟ වීම නිසා මෙම තීරණය ගත් බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය සඳහන් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පෙරේදා (03) පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.

මේ හේතුවෙන් ගුවන් යානා ගොඩ බැස්වීම් හා පිටත්වීම් අවස්ථාවන් හි ප්‍රමාදයන් සිදුවිය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment