යුරෝපා නියෝජිතයින් පිරිසක් සඳුදා දිවයිනට

යුරෝපා නියෝජිතයින් පිරිසක් සඳුදා දිවයිනට

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන 31 වැනිදා මෙරටට පැමිණෙන බවයි.

ඔවුන් නොවැම්බර් මස 03 වන දින දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.

ජාතික සංහිඳියාව සහ මෙරට කාන්තාවගේ දේශපාලනික, ආර්ථික දියුණුව පිළිබඳව සොයාබැලීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.

ජී.එස්.පී සහනය ලබාදීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම ද මෙම නියෝජිත කණ්ඩායම විසින් සිදුකරනු ඇති බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.

ඔවුන් ත්‍රිකුණාමලය, මඩකළපුව යන ප්‍රදේශ වල සංචාරය කිරීමට ද සැළසුම් කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment