මුස්ලිම් විවාහ නීතිය ළඟදීම වෙනස් වෙන ලකුණු…

පසුගිය සතියේ පැවති කැබිනට් අමාත්‍ය හමුවේදී මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් කතා බහට ලක්ව තිබුනේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳ යෝජනාවක් කැබිනෙට්ටුවට ඉදිරිපත් කර තිබීම හේතුවෙනි.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙහිදී පෙන්වා දුන්නේ මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස සහ එම නීතිය යටතේ ආවරණය වන ඇතැම් කාරණා ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තීන් වලට එකඟ නොවන බවය.


එනම් එක්සත් ජාතීන්ගේ ළමා ප්‍ර‍ඥප්තිය අනුව අවුරුදු 18ට අඩු සෑම අයෙක්ම ළමයකු බැවින් විවාහ වීමට වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු වන අතර ශ්‍රී ලංකාව මෙම ප්‍ර‍ඥප්තියට එකඟවී ඇති බැවින් අවුරුදු 18ට අඩු අයෙකුට විවාහ වීමට අවසර නොමැති බවත්ය.

නමුත් මෙරටද පිළිගන්නා මුස්ලිම් නීතිය අනුව මෙරට වෙසෙන මුස්ලිම් ජාතිකයින්ට කාති උසාවිය ඔස්සේ ලබාගෙන ඇති අවසරයක් මත දෙමාපිය හෝ භාරකරුවන්ගේ කැමැත්ත ඇතිව අවුරුදු 12ට වැඩි ළමුන්ට විවාහ වීමේ අවස්ථාව හිමි වන අතර ඊට වඩා අඩු වයසින් වුවද මුස්ලිම් නීතිය අනුව විවාහ විය හැකිය.


ඒ අනුව මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට කමිටුවක් පත් කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment