“අනාගත පොලිස් සේවාව - දකුණු ආසියාකරය අභිමුව ඇති අපේක්ෂා සහ අභියෝග” තේමාව රැගත් ජාත්‍යන්තර සමුළුව ඊයේ (04) පෙරවරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහාතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
කලාපයට පොදු ගැටලු හඳුනාගෙන ඔවුනොවුන් අතර ඇති විවිධත්වය අවබෝධ කරගනිමින් පොලිස් සේවය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා දකුණු ආසියානු ක‍්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සමුළුවේ අරමුණ වන අතර සමුළුව ඊයේ සිට හෙට (06) දින දක්වා කොළඹ දී පැවැත්වෙයි.
ශී‍්‍ර ලංකා පොලිසියේ 150 වන සංවත්සරය නිමිතිකරගෙන ජාතික පොලිස් කොමිසම, ශී‍්‍ර ලංකා පොලිසිය, උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ කලාපීය කේන්ද්‍රය ඒකාබද්ධව මෙම සමුළුව සංවිධානය කර තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ තිළිණයක් පිළිගැන්වීම ද සිදු වූ අතර ශී‍්‍ර ලංකා පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත ජයසුන්දර, උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ කලාපීය කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ඉම්ටියාස් අහමඞ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
0 comments :
Post a Comment