තමන්ගේ අමාත්‍යාංශයේ නිලධාරීන් නිවැරදි තොරතුරු ලබානොදෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
2014 වසරේදී අලාභ ලැබූ රාජ්‍ය ආයතන කවරේදැයි විමසා සිටි අවස්ථාවේ රාජ්‍ය ආයතන 12ක් පමණක් පාඩු ලබන බවට නිලධාරීන් තොරතුරු ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එම කාලයේදී රාජ්‍ය ආයතන 77ක් පාඩු ලබන බවට වාර්තා කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා සහ ස්වදේශ කටයුතු ඇමතිවරයා මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.
0 comments :
Post a Comment