බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2016 බංග්ලාදේශ ප‍්‍රමුඛ ලීග් හෙවත් (බී.පී.එල්.) විස්‌සයි – 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනෙකු තෝරාගෙන තිබේ.
ඒ අතරට කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන ද වන අතර ඔවුන් දෙදෙනාම එකම කණ්‌ඩායමක ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.
බී.පී.එල්. විස්‌සයි විස්‌ස තරගාවලිය ලබන මස 4 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්‌වා බංග්ලාදේශයේ ඩකා සහ චිතගොං නගරවලදී පැවැත්වෙන අතර කණ්‌ඩායම් හතක් තරග වදිනු ලබයි.
බී.පී.එල්. විස්‌සයි විස්‌සට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ සහභාගි වන කණ්‌ඩායම් පහතින්..
තිසර පෙරේරා සහ නුවන් කුලසේකර, (කොමිල් වික්‌ටොරියන්ස්), දසුන් ශානක සහ සචිත්‍ර සේනානායක (රාන්ග්පූර් රයිඩර්), මිලින්ද සිරිවර්ධන සහ උපුල් තරංග (රජෂායි කිංග්ස්), චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් (චිතගොං වයිකින්ග්ස්), ඩිල්ෂාන් මුණවීර (බැරිසල් බුල්ස්), මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර සහ සීකුගේ ප්‍රසන්න (ඩකා ඩයිනමයිට්‌ස්)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment