බංගලාදේශ කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර මීර්පුර්හීදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බංගලාදේශ පිතිකරුවන් වන මොමිනුල් හක් හා ටමීම් ඉක්බාල් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධනගේ හා කුමාර් සංගක්කාරගේ වාර්තාවක් අභියසටම පැමිණිමට සමත් ව තිබේ.
එ ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු සම්බන්ධතාවයක් ලෙස එක්කළ ලකුණු සංඛ්‍යාවේ දෙවන ප්‍රතිශතාත්තමක අගය වාර්තා කිරීමට මොවුන් මෙම තරගයේදි සමත් වීමයි.
මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරමීන් බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 220ක් ලබා ගැනීමට සමත් වු අතර කණ්ඩායම වෙනුවෙන් ටමීම් ඉක්බාල් ලකුණු 104ක්ද මොමිනුල් හක් ලකුණු 66 ක් රැස් කීරීමට සමත් වුහ.
මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 01 ක් ලෙස සටහන් වන විට බංග්ලාදේශ පළමු කඩුල්ල දැවි ගිය අතර ඉන්පසු ටමීම් හා හක් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 170 ක සබඳතාවයක් පැවැත්වීමට සමත් වුහ. එ අනුව එම සම්බන්ධතාවය බංගලාදේශය ලබාගත් මුළු ලකුණු සංඛයාවෙන් ප්‍රතිශත අගයක් ලෙස 77.27% සටහන් විය.
මෙහි ලෝක වාර්තාව වන 77.78% කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන 2002 වසරේ දකුණු අප්‍රිකාව හා පැවති ටෙස්ට් තරඟයකදී සටහන් කර තිබුණී. එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 216කට දැවී යන අතර සංගක්කාර හා මහේල ලකුණු 168ක සම්බන්ධතාවක් පවත්වා තිබුණී.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment