පාවිච්චි කළ වාහන මිල හුඟක්ම අඩුනම් සැකයි අපෙන් විමසන්න - RMV



අමතර කොටස් බද්ධ කර (බඩ් කර) සැකසූ වාහන මෙන්ම සොරකම් කරන ලද වාහනවලට ව්‍යාජ ලියාපදිංචි කිරීමේ ලේඛන සකසා ඒවා අඩු මිලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බැවින් එවැනි වාහන මිලදී ගැනීමෙන්
ඒවායේ අනන්‍යතාව මෝටර් රථ ප්‍රවාහන

දෙපාර්තමේන්තුවෙන් තහවුරු කර ගන්නා ලෙස එහි කොමසාරිස් ජනරාල් ඒ. එච්. කේ. ජගත් චන්ද්‍රසිරි මහතා මහජනතාවට උපදෙස් දෙයි.

එවැනි වාහන 3ක් පසුගියදා වාරියපොළ ප්‍රදේශයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පෙන්වා දෙන ජගත් චන්ද්‍රසිරි මහතා එවැනි වටිනා වාහන අඩු මිලට විකුණන්නේ ඇයි දැයි සැලකිලිමත් වී ඒ පිළිබඳව සොයා බැලීම මිලදී ගන්නාගේ වගකීම බවද පෙන්වා දෙයි.

වර්තමානයේ දියුණු තාක්ෂණයත් සමඟ ව්‍යාජ ලියකියවිලි සකසා ජනතාව නොමඟ යැවීමට ජාවාරම්කරුවන් උත්සාහ දරන නිසා එවැනි සැකකටයුතු අවස්ථාවලදී තම දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන වාහනයේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙසත් කිසියම් සැකයක් ඇත්නම් තම දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට දන්වන ලෙසත් හෙතෙම ඉල්ලීමක් කරයි.

උපතිස්ස පෙරේරා
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment