ලබන සිංහල අවුරුද්දට කලින් මහින්ද ආණ්ඩුව ගන්නවා- වෙල්ගම

පෙරේදා (15දා) බුලත්සිංහල, වරකාගොඩදී පැවැති රැස්වීමක් අමතමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මෙසේ කියා ඇත.
‘මේ ආණ්ඩුවට වැඩිදුර යන්න බැහැ කියලා අපි රත්නපුරේදී කිව්වා. ඊයේ පෙරේදා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් එක්ක ආණ්ඩුව ඇතුළෙ තියෙන හැලහැප්පිලි පේනවා.ආණ්ඩුවට වැඩිදුර යන්න බැහැ.
මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති ධුරයේ සිටියට අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි 51 දෙනාම ඒකට එකඟයි. කවුරුවත් විරුද්ධ නැහැ. නමුත් මේ


රටේ අගමැතිකම මහින්ද රාජපක්‍ෂ මහත්තයට දිය යුතුයි  අංග සම්පූර්ණයි.
ඔළුගෙඩිවලින් මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියලා මහින්ද රාජපක්‍ෂ මහත්මයා කිව්වේ මේ කතාව තමයි. මුළු ලංකාවෙම ජනතා රැල්ල ජන බලවේගය තියෙන්නෙ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟයි.
රටේ සුළු ජාතීන් පවා මහින්ද මහතාගේ හොඳ කියන්න පටන් ගෙන තියෙනවා. ඒ නිසා අපි ඡන්දවලට බය නැහැ. අපේ කාලෙ හොඳයි කියලා දැන් රටේ හැම දෙනාටම තේරිලා තියෙනවා. අපල ඉවරයි. ලබන සිංහල අවුරුද්දට පෙර අපි ආණ්ඩුවක් පිහිටුවනවා.‘

මතුගම - වසන්ත කුමාර
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. බේබදු වනචරයෙක් දුටු විකාර සිහිනයක්.

    ReplyDelete