පොලිස් භාරයට ගත් සිංහලේ කොඩි යළි භාරදෙයි

පොලිස් භාරයට ගත් සිංහලේ කොඩි යළි භාරදෙයි

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ සිංහලේ කොඩි එම පොලිසිය මගින්ම ස්‌වර්ණ හංස පදනම වෙත ආපසු භාරදී තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයේදී මෙම කොඩි තොගය නිදහස්‌ චතුරශ්‍රයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තද එහි කිසිදු නීති විරෝධීභාවයක්‌ නොමැති නිසා පොලිසිය මගින් ඉකුත් 15 වැනිදා ආපසු ස්‌වර්ණ හංස පදනමට භාරදීම විශේෂ සිද්ධියක්‌ වේ.

සිංහලේ කොඩි භාවිත කිරීම නීතිවිරෝධී නොවන බව පොලිසිය විසින්ම පිළිගත් බව ස්‌වර්ණ හංස පදනමේ නිර්මාතෘ පුණ්‍යවර්ධන ගාල්ලගේ මහතා ප්‍රකාශ කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment