දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීම සෙවීමට නව කමිටුවක්

දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීම සෙවීමට නව කමිටුවක්

දේශපාලන ප්‍රභූවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.

රහස් ‍පොලීසිය හෝ ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කිසියම් දේශපාලන ප්‍රභූවරයෙක් හෝ ඉහළ රාජ්‍ය නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නේ නම් ඒ බව මෙම පාර්ලිමේන්තු අනුකාරක සභාවට දැනුම් දිය යුතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දේශපාලන ප්‍රභූවරුන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් සම්බන්ධයෙන් වන නඩු කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment