පොලීසිය තරුණයෙකු සෝදිසි කළ නිසා ගනේමුල්ල ඇවිලෙයි (VIDEO)

පොලීසිය තරුණයෙකු සෝදිසි කළ නිසා ගනේමුල්ල ඇවිලෙයි (VIDEO)

ඊයේ (05) රාත්‍රියේ ගනේමුල්ල - බොල්ලත ප්‍රදේශයේදී අනන්‍යතාව තහවුරු කිරිමට නොහැකි වූ පුද්ගලයෙකු ගනේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.

ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසී ත්‍රී රෝද රථයකින් අදාළ නිලධාරීන් පිරිස පැමිණ තිබුණේ සෝදිසි මෙහෙයුමක් සදහාය.

එහිදී අනන්‍යතාව හෙළි කිරිමට නොහැකි වූ තරුණයෙකු එම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අසල නිවසක ගෘහ සේවකයෙකු ලෙස කටයුතු කරන අදාළ තරුණයා කිසිදු හේතුවක් නොමැතිව පොලිසිය අත්අඩංගුවට ගෙන පහර දුන් බවයි.

ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත එම ස්ථානයට ගනේමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ද පැමිණ ඇති අතර පසුව අදාළ තරුණයා නිදහස් කොට ඇත්තේ ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙස දන්වමිනි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment