යුද්දය අවසන් වූ 2009 වසර නිම වෙද්දී මෙරට මුළු ණය ප‍්‍රමාණය වූ බිලියන 4161ක් බවත් එය 2014 වසර අවසානටේදී පසුගිය ආණ්ඩුව පරාජය වෙද්දී සමස්ථ ණය ප‍්‍රමාණය බිලියන 7391ක් වූ බවත් එම වසර 05ක කාලයේදී පැවති ආණ්ඩුව ගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය බිලියන 3230ක් වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ස්වර්ණවාහිණියේ සංග‍්‍රාමය වැඩසටහනේදී කියා සිටියේය.
එය මාසයකට ගණනය කලොහොත් බිලියන මසකට 53.8ක් බවද පෙන්වා දුන් ඔහු එහෙත් 2014 අවසානයේ බිලියන 7931ක් වූ රටේ සම්ස්ථ ණය ප‍්‍රමාණය නව ආණ්ඩුව යටතේ 2016.09.30 වෙද්දී බිලියන 9424ක් තෙක් බිලියන 2033ත් බවත් එය මසකට බිලියන 96.8ක් බවත් කියා සිටියේය.
නමුත් පැවති පාලනයේ ගත් ණය මුදලින් සිදුකල සංවර්ධන කටයුතු බොහෝමයක් පෙන්විය හැකි වුවත් මේ ආණ්ඩුව කෙටි කාලයකදී ගත් ට‍්‍රිලියන දෙකකට වැඩි ණය මුදලෙන් කල කිසි දෙයක් නැතැයිද ඔහු කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මේ සංඛ්‍යලේඛණ සියල්ල ඉදිරිපත් කලේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා උපුටා දක්වමිනි.
Home
/
News
/
යහපාලන මාස 20ට ටි‍්‍රලියන 02ක් ණය අරන්.. මසකට බිලියන 96ක්.. මහින්ද යුගයේ මසකට බිලියන 56යි… ණය අර්බුදයේ සගවනු බැරි ඇත්ත මෙන්න..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment