පිල් මාරුව ඇරඹෙයි: මන්ත්‍රීවරු 2000ක් මහින්දගේ අලුත් පක්ෂයට (PHOTOS)

පිල් මාරුව ඇරඹෙයි: මන්ත්‍රීවරු 2000ක් මහින්දගේ අලුත් පක්ෂයට (PHOTOS)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් රැසක් අද(24) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පළාත් පාලන මන්ත්‍රීවරුන් 2167ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන ඇතැයි වාර්තාවේ.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් මල් පොහොට්ටුව සළකුණ දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පසුගියදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ලබාගත් අතර ඔහු එම පක්ෂයේ පළමු සාමාජිකයාද වෙයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment