ත්‍රී රෝද රථ පැදවීමේ අවම වයස් සීමාව 25 කෙරේ

වර්තමානයේ තරුණ පරපුර පහසු රැකියාවක් ලෙස තෝරාගෙන තිබෙන ත්‍රීරෝද රථ පැදවීම නොයෙකුත් අනතුරු වලට සමාජ ප්‍රශ්න ලට මෙන්ම තරුණ ශ්‍රමය නාස්ති කිරීමට හේතුවන බැවින් ඉදිරියේදී ඒ
සම්බන්ධයෙන් වයස් සීමාවක් හා පරිවාස කාලයක් පණවන බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ දන්වා සිටී.

ත්‍රී රෝද ලීසිං කර ලබාගැනීමේ පහසුව මත මේ වනවිට බොහෝ තරුණ පිරිස් පාසල් හැරයාමෙන් පසු ලෙහෙසියෙන්ම පිවිසෙන වෘත්තිය බවට ත්‍රීරෝද රථ තෝරාගෙන ඇති බවත් එයින් මේ දක්වා සිදුව ඇති අනතුරු හා සමාජ ප්‍රශ්න රැසක් අඩු වයස් කාන්ඩවල අයගේ අවභාවිතාව මත සිදුවන බව සමීක්ෂණ ඇසුරින්ද අනාවරණයවී ඇතැයි ඔහු පවසයි. ඒ අනුව ත්‍රීරෝද ටැක්සි ලෙස භාවිත කිරීමේ අවම වයස 25 කිරීමටත් වසර 2 ක පරිවාස කාලයක් ලබාදීමටත් යෝජනා කර ඇතැයි ඔහු පවසා තිබේ. ඒ ගැන ඔහු කරන විස්තරය පහත පරිදිය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment